අකුණු ගසන විට ගස් යටට වී නොසිටින්න (VIDEO)

March 13, 2021 at 11:54 PM

වර්ෂා සහිත කාලගුණ තත්ත්වයකදී උද්‍යානයක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වීමෙන් ඔවුන් රෝහල් ගත කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි සිදුවීමෙන් තුවාල ලද පුද්ගලයින් සිව්දෙනා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් සිව්දෙනාට අකුණු සැරය පතිත වන අයුරු අසල සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.