එංගලන්තයට යැවීමට සුදානම් කළ විශේෂ මාළු වර්ගයක් ගුවන් තොටුපොළේදී රේගු භාරයට

March 12, 2021 at 12:17 AM

ශ්‍රී ලංකාවට ආවේනිය මත්ස්‍ය විශේෂයක් වන ‘තබුවා’ මාලු කිලෝග්‍රෑම් 60 කට වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍යට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්ඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ආදාල අපනයන සමාගමේ අධ්‍යක්‍ෂවරයකුගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගත් බවයි රේගු ජෛව විවිධත්ව ආරක්‍ෂණ අංශය සඳහන් කලේ.

මත්ස්‍ය තොගය රාජසන්තක කිරීමට පියවර ගත් බවත් පරීක්‍ෂණ අවසන්වීමෙන් පසු අදාල සමාගමට දඩයක් නියම කරන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කලේ.

මෙම මත්ස්‍ය විශේෂය ධීවර හා ජලජ සම්පත් පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයකින් ඇල්ලීම, විකිණීම, ප්‍රවාහනය, සන්තකයේ තබාගැනීම සහ අපනයනය තහනම් කර තිබේ.