ෂෙවාග් සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණයක : ඉන්දීය ජේෂ්ඨයින් තරගය ජය ගත් අයුරු (VIDEO)

March 6, 2021 at 4:50 AM

Road Safety World Series තරගාවලි⁣යේ පළමු තරගයෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් අද හිමිවුණා. ඒ, බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 109ක් රැස් කර ගත්තා.

ලකුණු 110ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 1කදී කිසිවෙකු නොදැවී එම ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත්වුවා.

සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 33ක් ලබාගත් අතර විරේන්ද්‍ර ශෙවාග් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.

ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගය අද (06) පැවැත්වේ.