ඇල්ල රක්ෂිතයේ ගින්නක් (VIDEO)

March 6, 2021 at 10:13 AM

බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් මේ වන විට රක්ෂිතයේ අක්කර 50-100ත් අතර ප්‍රමාණයක් ගිනිගෙන ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන්, පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේනවා.

මිට අමතරව ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ.

VIDEO :

https://fb.watch/42MuQdw7fl/