දින 14ක් ඇතුලත වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන්න – සචිත්‍රට විශේෂ පොලිස් ඒකකයෙන් දැනුම් දෙයි

March 4, 2021 at 7:13 PM

දින 14ක් තුල වත්කම්-බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයෙන් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනයටත් අද දිනයේදී එම ඒකකය වෙත ඔහු කැඳවා තිබුණා.

සචිත්‍ර සේනානායක ඊයේ දිනයේ ද පැය 8ක පමණ කාලයක් එම ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නා.

තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක පසුගියදා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව එය ප්‍රතිකෙෂ්ප කෙරුණා.