අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් : පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදී (VIDEO)

March 4, 2021 at 7:33 AM

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 04 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 131ක් දවා ගැනීමට සමත් වුවා. එහිදී සිය මංගල විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 34කින් ලකුණු 39ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීම ඇරඹු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ලකුණු 132 ක ඉලක්කය පන්දු ඕවර 13.1ක් තුලදී හඹා යෑමට සමත් වුයේ කඩුලු 06ක් පමණක් අහිමි කර ගනිමින්ය.

මෙහිදී තරග තහනමින් පසු තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුවා.

කොදෙව් ඉනිමේ 03 වන පන්දු ඕවරයේ දී අකිල ධනංජය විසින් එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පුරාන් ගේ කඩුලු තුන තමන් සතු කර ගනු ලැබුවා.

එය එසේ වුවත් අකිල ධනංජය කොදෙව් ඉනිමේ යැවු 06 වන පන්දු ඕවරයේදී කිරන් පොලාර්ඩ් විසින් පිට පිට 06 පහරවල් 06ක් එල්ල කිරිමට සමත් වුවා. ඒ එම දක්ෂකම සිදුකළ ලොව තුන්වන පිතිකරුවා බවට පත්වෙමින්ය.

මිට පෙර 2007 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේදී හර්ෂල් ගිබ්ස් සහ 2007 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී පිට පිට පන්දු 06 කදී හයේ පහරවල් 06ක් එල්ල කිරිමට සමත්විය.