රිය අනතුර සමග සිදුකළ මනුෂ්‍ය ඝාතනය (PHOTOS)

March 3, 2021 at 8:15 PM

නාරම්මල – කටුපොත ප්‍රධාන මාර්ගයේ කිලිම්පොල හන්දිය ආසන්නයේදී මෝටර් රථයක් පදවමින් පැමිණි රියැදුරෙකු විසින් සිය මෝටර් රථය මාර්ගයේ ධාවනය කරමින් තිබු යතුරුපැදි දෙකක ගැටීමට සලස්වා අද පස්වරු 4.00 ට පමන අනතුරක් සිදුකර තිබෙනවා. අනතුරෙන් පසු එක් මෝටර් රථය පදවමින් පැමිණි රියැදුරු විසින් අනතුරට ලක්ව සිටි එක් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහර කීපයක් එල්ලකොට ඔහු ඝාතනය කර ඇත.

පෞද්ගලික පවුල් ආරවුලක් මත මෙම අනතුර හිතාමතා සිදුකර ඇති බවට සැකකරන බවයි පොලිසිය පැවසුවේ. සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

May be an image of car, road and text

May be an image of car, outdoors and text

May be an image of outdoors and text

May be an image of one or more people, motorcycle and outdoors

( ජායාරූප උපුටා ගැනීම : Accident 1st )