පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනා දණ්ඩ නීති සංග්රහය සහ කෘර වධ හිංසා පැනවීම යන චෝදනා යටතේ වහමා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් අද උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටිනවා.
සිය සේවදායිකාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබීම නිසා ඇය බැලීමට ගිය අවස්ථාවේදී නීති සිසුවෙකු වන මිගාර ගුණරත්න හට පොලිසියේ නිලධාරින් විසින් පහරදීම සිදුකර තිබුණා.
මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබනවා.
