කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව මේ වන විට විරෝධයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද යන්න ගැටළු සහගත බවයි ඉරණතිව් වැසියන් සඳහන් කර සිටින්නේ.
මේ අතර කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතට අමතරව තවත් ස්ථාන කිහිපයක භූමදානය කිරීම සඳහා ද සෞඛ්‍ය අංශවල අවදානය යොමුව තිබෙනවා.
මන්නාරම, පුත්තලම හා ඔට්ටමාවඩි යන ප්‍රදේශ එලෙස අවදානය යොමුව ඇති ප්රදේශවලයි.
