කොවිඩ් දේහ භූමදානය කිරීමේ මාර්ගෝපදේශ සකසා අවසන් : දේහය සමග ඉරනතිව් බලා යෑමට දෙදෙනෙකුට අවසර

March 3, 2021 at 7:12 PM

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරූ ඉරනතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගොපදේශ මාලාව සකස් කර අවසන් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් නිකුත් කෙරුණු එහි දැක්වෙන්නේ යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසු එම මරණය භුමිදානය කිරිමට අවශ්‍ය නම් ඥතීන් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතු බවයි.

මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගැනීමට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරනතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය පුර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරෙනවා.

සෑම උදෑසනකම පෙරවරු 5.30 ට ඉරනතිව් දුපත බලා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින් ගේ දේහයන් රැගෙන යනු ලබනවා.

මළ සිරුර භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ජායාරූප ගැනීම හෝ වීඩියෝ කිරිම සපුරා තහනම් වේ.

දේහය පෙට්ටියක තැන්පත් කළ යුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බවයි අදාල මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ