අඩු වයසින් වාර්තාවක් තැබූ ලිමන්සා (VIDEO)

March 1, 2021 at 2:55 PM

ප්‍රිමියර් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ලිමන්සා තිලකරත්න පත්ව තිබෙනවා. ලිමන්සා තිලකරත්න නියෝජනය කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් සමාජයයි.

දැනට 06 වන වසරේ ඉගෙනුම ලබන ඇය පසුගියදා සහභාගිවූ ප්‍රිමියර් තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වුවා.

මෙරටින් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය දියණිය වන්නේ ඇයයි. තිලකරත්න දිල්ෂාන් මේ වන විට සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාවේ ජිවත් වනවා.