පිට පිට යැවු පන්දු 04කින් කඩුලු 04ක් දවා ගත් සන්තුල්

February 27, 2021 at 10:06 PM

වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයක පිට පිට යැවූ පන්දු 4කදී කඩුලු 4ක් බිඳ දැමීමට සන්තුල් විජයරත්න සමත්ව තිබෙනවා. ඔහු මෙම සුපිරි දක්ෂතාවය දැක්වූයේ සී.සී.සී. රිදී කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයකදී.

තරගය පැවැත්වුණේ කෝට්ටේ, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. සන්තුල් මීට පෙර 2019 වසරේදී ද මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.

සන්තුල් විජයරත්න කොළඹ, ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ක්‍රීඩකයෙක් වන අතර 2020 නෙල්සන් මෙන්ඩිස් ක්‍රිකට් තරගාවලියේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට ඔහු සමත් විය.

සන්තුල් විජයරත්න හි⁣ටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩකයෙකු ද වනවා.