ජල භීතිකාව වැළදුණු සුනඛයාට එල්ල කළ වෙඩි පහරින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටත් තුවාල

February 27, 2021 at 2:12 PM

දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැලඳුන සුනඛයෙකුට එල්ල කළ වෙඩි පහරක් ඒ අසල සිටි පුද්ගලයෙකුටත් වැදී තුවාල සිදුව තිබෙනවා. මෙම සුනඛයා විසින් මේ වන ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කා ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව අද උදෑසන 10.30ට පමණ ජලභීතිකාව වැලඳුන සුනඛයා දකුණු කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය වහා ක්‍රියාත්මක වී තිබේ.

එහිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සුනඛයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකුට ද වෙඩි පහර එල්ල වීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.