ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලටි තරගයට එක්වූ බැංකු කළමනාකරුවා (VIDEO /PHOTOS)

February 27, 2021 at 5:50 PM

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකු වනවා.

වේගය මත පදනම් වූ “Ultimate Tag” නම් මෙම රියලැටි වැඩසටහනට ඕස්ට්‍රේලියාව අයදුම්කරුවන් 3000 කට ආසන්න පිරිසක් වූ අතර සිඩ්නි නගරයේ පැවති තරගයට සහභාගිවීමට අවස්ථාව උදාවූ සිය ගණනක් පිරිස අතර ටනිල ද වීම සුවිශේෂී කරුණක් විය.

පොතපත කියවීමට, සංගීතය රසවිදීමට, පිහිණුම්, බයිසිකල් පැදීම, මාර්ෂල් ආට්ස් සටන් කළාව ප්‍රගුණ කිරීම වැනි විනෝදාංශ වලින් හෙඹි ටනිල, සිය පවුල තමන්ට ඇති විශාලතම වත්කම යැයි සලකනවා.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වර්නන් තිසේරා සමග කෙටි සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ටනිල කියා සිටියේ තමාගේ ජිවිතයේ අමතක නොවන අත්දැකීම ලෙස සඳහන් කළේ සිය දෙමව්පියන්ට නොදන්වා වසර දෙකක කාලය තුලදී සිය MBA උපාධිය සමත්වීම බවයි.

සමාජ මාධ්‍ය හරහා ටනිල ද සිල්වා සම්බන්ධ කර ගත හැකිය :
Instagram: @taniladesilva
Twitter: @taniladesilva
Spotify: @TANILA

VIDEO :

https://fb.watch/3VUNjsCPOq/