ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ගැන අනාවරණයක් නැහැ : දන්න දේ පිළිවලට ලියලා විතරයි – මන්ත්‍රී විජිත හේරත් (VIDEO)

February 24, 2021 at 6:49 PM

පාස්කු කොමිසමේ වාර්තාව මගින් ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් සිදුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් සැබෑ පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ලකර නොමැති බවයි.

පාස්කු කොමිෂමෙන් සැබෑ වග උත්තරකාරයා හෙළිකරලා නෑ, මේකේ අලුත් දෙයක් නෑ, දන්න දේවල් තමයි කියලා තියෙන්නේ දන්න ටික පිළිවෙලට ලියලා, මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.