උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රීකට් පිටියට සමුදෙයි

February 23, 2021 at 4:00 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු මේ බව නිවේදනය කළා.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළා.

එහිදී ටෙස්ට් ලකුණු 1,754ක්, එක්දින ලකුණු 6,951 ක් සහ 20යි 20 ලකුණු 407ක් රැස් කිරීමට ඔහු සමත් වුණා. ඊට ටෙස්ට් ශතක 3ක් සහ එක්දින ශතක 15ක් ඇතුළත්.