ඉන්දියාවේ The Serum Institute වෙතින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5 ක මුදලකට මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මිට අමතරව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ ලබාදී තිබෙනවා.
කෝවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත ලබා ගැනීම කඩිනම් කිරීමට හැකි වනු පිණිස කෝවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමකට අත්සන් තැබීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වන විට පවතින කොවිඩ් වෛරසය හේතුවෙන් රටේ මුළු ජනගහණයෙන් මිලියන 14කට කොවිඩ් -19 එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.