පාකිස්ථාන අග්‍රාමත්‍යවරයා දිවයිනට පැමිණෙයි

February 23, 2021 at 4:16 PM

දෙදින නිල සංචාරයක් සඳහා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිසක් පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පකිස්තාන ගුවන් හමුදාවට අයත් Pak 2 දරන විශේෂ ගුවන් යානයෙන් සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ හමුදා සම්මාන මුරයක් ද කටුනායක ගුවන් තොටුපොළේ පැවැත්වීමට නියමිතයි.