අවසන් මොහොතේ ඔහු හැර ගියේ මාවත් ක්‍රිකට් ආයතනයත් නොවේ : ඉදිරි ලෝක කුසලානය සඳහා සුදානම්වන යොවුන් කණ්ඩායමයි – වාස් ගැන ක්‍රීඩා ඇමති කියයි (VIDEO)

February 23, 2021 at 12:00 PM

ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන්ගේ ද විනය හැදෙන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

චාමින්ද වාස් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් බවත් තමන් ද ඔහුට පෞද්ගලිකවම ගරුකරන සහ ආදරය කරන අයෙක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් හැර යෑම ගැන පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.