ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි

February 20, 2021 at 4:02 PM

ජනාධිපතිතුමා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා භාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කිරිමට සහ ඊට අදාල උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා එහි සාමාජිකයෙකු ලෙස
ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ කටයුතු කරනවා.