සනත් යලි පිටියට

February 20, 2021 at 10:23 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරිය ලබන මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත Road Safety World Cup විස්සයි 20 තරගාවලියට සහභාගි වෙන බවට තහවුරු කර සිටිනවා.

ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට යළිත් වරක් තම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රීඩා විලාශය දැක බලා ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

1990-2000 යුගයේ සිටි ප්‍රහාරකත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් තරග තුල වේගවත් පහරවල් එල්ල කිරීමට සහ තුන් ඉරියව් දස්කම් දක්වමින් තරග ජයග්‍රාහණය සඳහා සිය දායකත්වය ලබා දුන්නා.

මෙම තරගාවලියේදී සනත් ජයසුරිය සිය සහයක ආරම්භක පිතිකරු ලෙස තිලකරත්න දිල්ෂාන් සමඟ නැවත වරක් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. තිලකරත්න දිල්ෂාන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ්, හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් ඉදිරි තරගාවලියට ‘ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්’ කණ්ඩායමට එක්වනු ඇත.

ලොව පුරා ඇති COVID-19 තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී තරඟ 4 කට පසුව මෙම මාලාවේ පළමු අදියර නතර කිරීමට සිදුවිය. එම තරඟාවලියේ ඉතිරි සියලුම තරඟ රායිපූර් හි අලුතින් ඉදිකරන ලද ආසන 65,000 ක ධාරිතාවයකින් යුත් ක්‍රීඩාංගනයක ක්‍රීඩා කිරීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

තරඟාවලිය මාර්තු මස 2 වන දින ආරම්භ වන අතර එය මාර්තු 21 වන දින අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පළමු තරගය මාර්තු 2 වනදා ක්‍රීඩා කරනු ඇති බව සංචිතයේ කළමනාකරු වන ශ්‍යාම් ඉම්පෙට් පවසයි.