කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 16ක ජල කප්පාදුවක්

February 19, 2021 at 9:52 AM

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා. හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර එළඹෙන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය දහයාමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගානගර්, කළුවාමෝදර සහ මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.