ඉන්දියාවට බදු දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන අගමැති දුන් පිළිතුර (VIDEO)

February 19, 2021 at 11:58 PM

ඉන්දියාවට බදුදී තිබෙන ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි යලි ශ්‍රී ලංකාවට ලබා ගන්නා බවත් පසුව ඉන්දීය ඔයිල් සමාගම සමග එක්ව නෞකා සඳහා ඉන්ධන සැපයීමට කටයුතු කරනු ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කර සිටියා.

මේ අතර ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම හා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අවබෝධතා ගිවිසුම් පිළිබදව පළ වන ඇතැම් වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 84ක් දෙරටේම සහභාගීත්වයෙන් කළමනාකරණය කිරීම පිළිබදව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි.

මේ අතර අද දිනයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාව වන්දනා කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන් මාධ්‍යවේදීන් ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි යලි ලබා ගන්නේද යනුවෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. ඊට අගමැතිවරයා දුන් පිළිතුරයි  මේ,