චමින්ද වාස්ට නව තනතුරක්

February 19, 2021 at 1:59 PM

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා‘ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර සිටියා. පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණයට එළඹී බවයි ප්‍රකාශ කර සිටියේ.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 23 වෙනිදා පිටත්ව යාමට නියමිතයි.