කිලෝමීටර් 02ක අභියෝගය මිනිත්තු 07කින් දිවූ වාස්ගේ කතාව

February 19, 2021 at 11:12 PM

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි තර්ගාකාරී සොභාවයක් පැවතීම හේතුවෙන් තමන්ගේ ශරීර යෝග්‍යතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

වසර 13 ක් පුරා පැවති ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ වාස් කඩුලු 761 ක් ලබා ගෙන තිබෙනවා. ටෙස්ට් තරග 111 න් කඩුළු 355 ක්, එක්දින තරග 322 කදී කඩුලු 400 ක් සහ විස්සයි 20 තරග 6 කදී කඩුළු 6 ක් ඔහු විසින් බිඳ හෙලා ඇත. වත්මන් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම වමත් වේග පන්දු යවන්නන්ගෙන් කෙනෙකු ලෙස චමින්ද වාස් ඉහලින්ම සිටිනවා.

ශ්‍රී ලංකාවේ හිටපු වමත් වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් විශ්වාස කරන්නේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය සඳහා ශරීර යෝග්‍යතාවය ප්‍රධාන බවයි.

“නවීන ක්‍රිකට් ක්‍රීඩාව වේගවත් හා තරඟකාරී වෙමින් පවතින බැවින් සෑම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම ඔවුන්ගේ යෝග්‍යතාවය වර්ධනය කර ගත යුතුයි” යැයි වාස් මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

පසුගිය මාසයේ 47 වැනි වියට පා තැබුවද, චමින්ද වාස් තවමත් දක්ෂතම පුහුණුකරුවෙකු ලෙස රැඳී සිටින අතර මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට කිලෝමීටර් 2 ක දුර ප්‍රමාණය මිනිත්තු 8 කින් සහ තත්පර 35ක කාලයක් තුලදී දිවීමට ලබාදුන් අභියෝගය ඔහු විසින් මිනිත්තු 7 තත්පර 30 කින් අවසන් කර සිටියා.

ශරීර යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා වාස් දිගු දුර ධාවන තරඟ සඳහාදීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි අතර ඔහුම සෑම සතියකම කිලෝමීටර් 21ක දුරක් සහිත අර්ධ මැරතන් ඉසව්වකට සහභාගී වේ.

මෑත වසරවලදී ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට හඳුන්වා දුන් නවීන පුහුණු ක්‍රම බොහෝමයක් දුර ධාවන තරඟ වලින් ඈත් කරවා ඇත.

වාස් එය වෙනස් කිරීමට පෙළඹී ඇති අතර, දුර දිචිම තුලින් ක්‍රීඩකයන්ගේ සමස්ත ශාරීරක යෝග්‍යතාවය වැඩි දියුණු කරන බවට අවධාරනය කරමින් ඔවුන්ට ඕනෑම පරීක්ෂණයකින් සමත් වීමට ආබාධ තොරව ක්‍රීඩා කිරීමට හැකි බව සඳහන් කර සිටියි.