එකඳු ලාංකික ක්‍රීඩකයෙකුට හෝ IPL වෙන්දේසියේදී මිලක් නියම නොවේ

February 19, 2021 at 8:26 AM

IPL ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා. එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂ සිදුවීමක් වුණා. පසුගිය IPL තරගාවලියන් හිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් වුවත් මෙවර එකදු ක්‍රීඩකයෙකු හෝ මිලට නොගැනීම විශේෂත්වයක්.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණත් ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ IPL තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානයි. කෙසේ වෙතත් මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියට එක් වන කිසිදු කණ්ඩායමක් ඔවුන්ගෙන් කිසිවෙකුත් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

සියළු කණ්ඩායම් තමන්ට ලබාගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මේ වනවිට මිලදී ගෙන අවසන් බැවින් මෙවර IPL තරගාවලියේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට තරගවැදීමට අවස්ථාව හිමි නොවනු ඇති.