අම්පාර මුහුදේ භූමිකම්පාවක්

February 19, 2021 at 3:26 PM

අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව අද පෙරවරු 11 -11.30 ත් අතර කාලයේදී සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇත.