IPL ක්‍රීඩක වෙන්දේසියේදී එතෙක් මෙතක් වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා

February 18, 2021 at 6:30 PM

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වීමට දකුණු අප්‍රිකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් අද පත්වුවා. ඒ අද පැවති 2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රිස් මොරිස් ඉන්දියානු රුපියල් කෝටි 16.25 (අමෙරිකානු ඩොලර් මිලියන 2.2) මිලකට ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

ක්‍රිස් මොරිස් තමන් සතු කර ගැනීමට ක්‍රීඩක ලන්සු තැබීමේදී මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝස්, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර දැඩි සටනක පැවතියා.

2015 වසරේ පැවති IPL තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිස් මොරිස් එහිදී කණ්ඩායමේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටද පත්වුවාය.

යුවරාජ් සිං ඉන්දියානු රුපියල් කෝටි 16, පැට් කමින්ස් කෝටි 15.5ක් සහ බෙන් ස්ටොක්ස් කෝටි 14.5ක් මිට පෙර වැඩිම මිල ගණන් වලට අලෙවි වූ ක්‍රීඩකයින් වනවා.

මේ අතර අද පැවති IPL වෙන්දේසියේ දී ග්ලේන් මැක්ස්වෙල් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් ඩොලර් මිලියන 1.95කට සහ ජේ රිචඩ්සන් ඩොලර් මිලියන 1.91කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලට අද වෙන්දිසියේදී වැඩි මිලකට අලෙවි වුනු ක්‍රීඩකයින් වනවා.