1996 ලෝක කුසලාන කණ්ඩායම යාපනයේ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරිමට යයි

February 17, 2021 at 1:59 PM

1996 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණයට 25 වසරක් මෙම මාර්තු මාසයේදී සපිරෙනවා.

එම සංවත්සරය වෙනුවෙන් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාර්තු මාසයේ 26-28 යන කාල සීමාවේදී යාපනයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම යාපනය කණ්ඩායමත් සමග මෙම තරගය ක්‍රීඩා කිරිමට නියමිතව ඇත්තේ.

ලබන මාර්තු මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිහව තිබු Road Safety ලෝක කුසලනා විස්සයි 20 තරගාවලියට සහභාගිවීමට ද ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් ප්‍රතික්ෂේප කිරීමට හේතුව යාපනයේ පැවැත්වීමට නියමිත මෙම තරග බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව සමග 1996 මාර්තු මස 17 වෙනිදා පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.