හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස්

February 17, 2021 at 5:53 PM

නීතිඥ හිජාස් හිස්බුල්ලාව නියමිත මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි නීතිපති විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලාව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටිනවා.