මම හිතා ගත්තා මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදනවා කියලා : ලංකාව දක්ෂයින් ගෙන් වැඩක් ගන්නේ නැහැ – ලොව සුපතල Dilmah සන්නාමයේ නිර්මාතෘවරයා අවධාරණය කරයි (VIDEO)

February 17, 2021 at 4:24 PM

“ලංකාව දියුණු කරන්න මාර්ග කිහිපයක් තිබෙනවා. අපිට උගන්නලා නෑ අපේ රටට ආදරේ කරන්න. අපේ රටේ මිනිස්සු විතරයි, පිටරට මිනිස්සු එක්ක වාඩිවෙලා අපේ රට නාස්ති කරන්නේ. ඉන්දියාවේ මිනිස්සු රටට ආදරෙයි.  ඒක නිසා, රට දියුණු කිරීම පටන් ගන්න ඕන ඉස්කෝලේ හෝඩියෙන්.

අපේ රට කියල වැඩසටහනක් තියෙන්න ඕන. මම මුළු ලෝකෙ වටේම යනවා. මේ වගේ ලස්සන රටක් ලෝකෙ කොහේවත් දැකලා නෑ. අපිට හැමදේම තියනවා. ඒ නිසා, ලංකාවේ දේශපාලනයට වැඩපිළිවෙලක් අවශ්‍යයයි.“

යනුවෙන් Dilmah සන්නාමයේ නිර්මාතෘ මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා Sri Lanka business tv YouTube නාලිකාවට අදහස් දක්වමින් පවසා තිබේ.

එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.