කථානායකතුමා කොවිඩ් ‘ඇස්ට්‍රා සෙනිකා’ එන්නත ලබ‍ා ගනී

February 17, 2021 at 3:24 PM

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘” ඇස්ට්‍රා සෙනිකා” එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියා.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබේ.

කොවිඩ් වසංගතය මර්ධනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා‍ ගෙන තිබේ.

මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

අද (17) දින මධ්‍යහන 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ.