MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනියි

February 16, 2021 at 9:14 PM

MS Dohni : The Untold Story චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි නසාගෙන ඇති බව මුම්බායි පොලිසිය විසින් තහවුරු කර සිටිනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට රඟපෑ සුෂාන්ත් සිං රාජ්පුත් ද පසුගිය වසරේදී සියදිවි නසා ගනු ලැබුවා.

මුම්බායි පොලිසිය සඳහන් කළේ සන්දීප් නහාර් නම් නළුවා ඊයේ දිනයේදී සියදිවී නසා ගෙන ඇති බවයි.

නහාර්, MS Dhoni චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ සුෂාන්ත් ගේ මිතුරෙක් ලෙස එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා.

මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද එසේත් නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බව පවසන එය සැකහැර දැන ගත හැක්කේ මරණ පරීක්ෂණයෙන් පසුව බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

තමාගේ මෙම තීරණයට හේතුව පෞද්ගලික ගැටළුවක් බව සඳහන් කරමින් සන්දීප් නහාර් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා. එහිදී තමා සිය බිරිඳ වන යහපත් සබඳතාවයක් නොමැති බව එහි සඳහන් කර ඇත.මේ වන විට එය ඉවත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ සන්දීප් නහාර් ඇද ඇතිරිල්ලක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලීමෙන් සියදිවි නසා ගෙන ඇති බවයි. ඒ පිලිබඳව පළමුව දැක ඇත්තේ ඔහුගේ බිරිඳ බවත් පසුව ඇය පොලිසියට සිදුකළ දැනුම් දීමක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා සඳහන් කර සිටින්නේ.