මුහුදු රළ ඉහළ යාම නිසා මන්නරාම සිට හම්බන්තොට දක්වා වෙරළාසන්න ජනතාව අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයි

February 16, 2021 at 9:46 AM

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2 සිට 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මෙම මුහුදු කළාපය විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ධිවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජිවත් වන ජනතාව මේ පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.