මිලියන 100ක් වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නුගේගොඩදී අත්අඩංගුවට

February 16, 2021 at 3:48 PM

නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 125ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබෙනවා.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවයි වාර්තා වන්නේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.