මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ : හරීන් ගේ සහයට මනුෂත් එයි

February 16, 2021 at 12:23 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබෙනවා. ඒ නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ තමන් කොවිඩ් එන්නත එන්නත්කරණය කර ගත් බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනය කර සිටියේ තමන් කොවිඩ් එන්නත ලබා නොගන්නා බවයි. වරප්‍රසාධ නොව රටේ ජනතාවට එන්නත ලබාදිය යුතු බවයි එම මන්ත්‍රීවරුන් දෙපළ සඳහන් කර ඇත්තේ.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ දිවයින පුරා බන්ධනාගාර නිලධාරීන් 5100ක පිරිසකට එන්නත ලබාදීම සිදු කෙරෙන බවයි.