පියා තම බාල පුතා සමග එක්වී වැඩිමහල් පුත්‍රයා ඝාතනය කරයි

February 16, 2021 at 8:42 AM

පියා තම බාල පුතා සමග එක්ව වැඩිමහල් පුතා තියුණු ආයුධවලින් කපාකොටා පෙරේදා (14) ඝාතනය කොට ඇති බව මීගහතැන්න පොලිසිය පවසනවා. ප‍්‍රදේශය හැර ගොස් සිටින බව සිද්ධියට සම්බන්ධ පියා සොයා පරීක්ෂණ පවත්වන බව මීගහතැන්න පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්න, බෝතලාව, නාවලකන්ද, කහටගල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි වටගල දොන් සනත් කුමාර නමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.

පවුල් ආරවුලක් මත කලක පටන් මොවුන් අතර අඬදබර ඇති වී තිබෙන බවත්, පසුගිය 14 වැනිදා දහවල් ඇතිවූ ආරවුලකින් පසු සිය බාල පුතණුවන් සමගින් එක්ව තම වැඩිමහල් පුත‍්‍රයා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඝාතනයෙන් පසුව පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ පුතා ඊයේ (15) පොලිසියට භාරවී ඇත. මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. ජේ. ආරියවංශ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

(දිවයින පුවත්පත)