ධනුෂ්ක-භානුක සහ කුසල් කිලෝමීටර් 02 අභියෝගය ජය ගනියි

February 16, 2021 at 1:50 PM

කිලෝමීටර දෙකක දුරක් මිනිත්තු 08යි තත්ත්පර 35ක් තුල දිව යෑමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුගියදා අසමත්වු ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද ඉන් සමත්ව තිබෙනවා.

මේ අතර විවාහ උත්සවය හේතුවෙන් සහභාගි නොවු කුසල් මෙන්ඩිස්ද අද පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී ඇති අතර ඔහු නියමිත දුර ප්‍රමාණය නිම කිරීමට සමත් වුයේ මිනිත්තු 08යි තත්ත්පර 18 කාලයකින්.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් ජනිත් පෙරේරා සහ දිල්රුවන් පෙරේරා සමත් නොවුවා.