කහ ඉර මත ජිවිතයක් බිලිගත් බස් රියදුරුව පොලිසියෙන් සොයයි (VIDEO)

February 16, 2021 at 6:07 PM

මොරටුව රාවතාවත්ත ඉන්ධන පිරවුම්හළ අසල පිහිටි කහඉර මතින්  මාර්ගය හරහා මාරුවීමට උත්සහගත් පුද්ගලයෙකු අනතුරට ලක්කරමින් බස් රථයක් ධාවනය කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි.

එම බස්රථයේ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.