අමුද්‍රව්‍ය ලෙස හඟවා ටයිල් ගෙන්වූ සමාගමකට වැඩ වරදියි : අවසර දුන් පුද්ගලයින්ට සහ සමාගම ගැන විමර්ශනයක් කරන්නැයි ඇමතිගෙන් උපදෙස් (VIDEO)

February 16, 2021 at 6:06 AM

මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවා ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව වහාම ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට තමන් උපදෙස් ලබා දුන්නා බව අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටිනවා.

ඊයේ පැවති ටයිල් ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීමේ රැස්වීමට එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයින් සිය වරද වසා ගැනීමට සිදු කරන ලද උත්සාහයට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවත් ඔවුන් කුමන තරාතිරමක අය වුවද එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා නීතියම පියවර ගන්නා ලෙස තමන් විසින් අමාත්‍යාංශ ලේක්ම්වරයාට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය ව්‍යවසායකයා රැකීමට සූදානම් නමුත් වංචනිකයන් රැකීම වෙනුවෙන් කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවට අවධාරණය කර සිටි අමාත්‍යවරයා සිද්ධිය පිළිබදව ස්වාධින පරීක්ෂණයක් පවත්වා ඔවුන් වරදකරුවන් වුවහොත් සියල්ලන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවටද ප්‍රකාශ කර සිටියා.

VIDEO :

https://fb.watch/3GPfw2CaEG/