දුෂණය කොට මරා දැමු බව කියූ “හිතුමතේ ජිවිතේගේ නැගණිය” නෙත් FM බැලුම්ගල සොයා ගනියි

February 15, 2021 at 9:59 PM

තම නැගණිය දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ඝාතනය කොට වසර 40 කට ආසන්න කාලයක් සිරගතව සිට නිදහස ලැබූ බවට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදුන් ” හිතුමතේ ජිවිතේ” නම් පුද්ගලයා සිදුකරනු ලබන ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බවට ඇයගේ එකම නැගණිය ප්‍රකාශ කර සිටිනවා.

නෙත් එෆ්එම් බැලුම්ගල විසින් සිදුකළ ගවේෂණයකින් “හිතුමතේ ජිවිතේ” ගේ නැගණිය දංකොටුව ප්‍රදේශයේ සිටියදී සොයා ගනු ලැබූ අතර එහිදී ඇය කියා සිටියේ තමාව දුෂණය කොට මරා දැමු බවට තමන්ගේ වැඩිමහල් සහෝදරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට ලක්වූ බවයි. ඒ හේතුවෙන් තමාගේ දෙවැනි වැඩිමහල් සහෝදරයා සමග එවැනි තොරතුරු පලකල මාධ්‍ය ආයතන සොයා ගොස් සත්‍ය ප්‍රකාශ කලත් එහිදී ඔවුන් කිසිවෙකුත් එය නිවැරදි කිරීමට කටයුතු නොකළ බව ඇය සඳහන් කර සිටියා.

හිතුමතේ ජිවිතේ නම් මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතන 07ක් සිදුකර පසුව ජනාධිපති සමාව ලබා නිදහස් වූ බව කියමින් සමාජ මාධ්‍යයේ පසුගියදා පලවූ ලිපිය සම්බන්ධයෙන් ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි ලිපියක් කිසිම හේතුවක් නිසා හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් නොකරන බවයි.

හිතුමතේ ජීවිතය ගැන සම්පුර්ණ බැලුම්ගල ගවේෂණය පහතින් :