පළමු ශ්‍රේණියට නොතේරුණු දරුවන්ට විදුහල්පති යැවු ලිපිය

February 15, 2021 at 6:45 PM

මෙවර පළමු ශ්‍රේණිය සඳහා අම්බලංගොඩ ධර්මාශෝක විදුහලට ඇතුලත් වීමට අයදුම් කොට ඊට සුදුසුකම් නොලැබූ දුවා දරුවන්ට එම විදුහලේ විදුහල්පතිවරයා වන හසිත කේසර වෙත්තමුණි විසින් යවන ලද ලිපියක් මේවන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වනවා.

” පුතේ ඔයා දන්නවද, ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් අසාවෙන් හිටියා ඔයාව පළමු ශ්‍රේණියට ධර්මාශෝකෙට එවන්න. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. එක අවුරුද්දකට ධර්මාශෝකේ පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගන්නේ සීමිත පිරිසක්. ඒ නිසාම ලොකු තරගයක් තියෙනවා. ඒ තරඟයේදී පුංචි ලකුණු කිහිපයක් මදි වෙච්ච නිසා ඔයාට එක ශ්‍රේණියට ඇතුලත් කර ගන්න බැරි උණා. ඒ ඇයි කියලා පුංචි ඔයාට දැන් නොතේරුණාට තව ටිකක් ලොකු වෙන කොට හොදට තේරෙයි. අන්න ඒ තේරෙන කාලෙට මේ ලියුම ආයෙත් කියවන්න…”

මේ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිවරයා විසින් යොමු කළ සම්පුර්ණ ලිපියයි.