සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

February 15, 2021 at 1:50 PM

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට හෙට දිනයේ සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාල සිමාව තුලදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව ඇත.

අද දිනයේ සිට මහජනතාවට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව රජය විසින් නිවේදනය කරනු ලැබුවා.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ අවධානම් සහිත ප්‍රදේශවල ජිවත්වන ජනතාව සහ වැඩිවශයෙන් මහජනතාව සමග නිරාවරණය වන කොටස් ඉල්ක්ක කර ගනිමින් කොවිඩ් එන්නත ලබාදීම කටයුතු කරන බවයි.