සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත අද සිට – බස්නාහිර පළාතෙන් එන්නත ලබාදීම අරඹයි

February 15, 2021 at 11:15 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද දිනයේ සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් අවධානම් පුද්ගලයින් සහ සාමාන්‍ය ජනතාව සමග ගැටෙන කාණ්ඩ තෝරා ගෙන මෙම එන්නත අද දිනයේ සිට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.