පාසැල් ගිය පළමු දිනයේදීම මග මරුවාට බිලිවූ පුංචි මල් කැකුළ (VIDEO)

February 15, 2021 at 11:34 AM

පළමු වරට පාසැල් යමින් සිටි වයස අවුරුදු 6ක දරුවෙකු අද (15) උදෑසන කන්ටේනර් රථයක ගැටීමෙන් බදුල්ල ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා.

බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් නැමති 6 හැවිරිදි එම සිසුවා බදුල්ල සරස්වතී කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් පසු අද දිනයේ සිය නිවුන් සහෝදරයා හා මිත්තනිය සමග පාසල් යන අතරතුර එම අනතුරට ලක්වී තිබේ.

මෙම අනතුර බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී සිදුව තිබුණා.

අනතුරෙන් මිත්තනිය ද බරපතළ තුවාල ලබාඇති අතර අනෙක් නිවුන් සහෝදරයා යහපත් තත්ත්වයෙන් පසුවෙන බවයි පොලිසිය සඳහන් කළේ.

කන්ටේනර් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවේ පසුවනවා.