වැල්ලවත්තේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

February 14, 2021 at 10:36 AM

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ගොඩනැගිල්ලෙන් ඇද වැටුණු පුද්ගලයා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් එලෙස මියගොස් ඇත්තේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකිවූ වයස අවුරුදු 30ක් පමණ වන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.