පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන ඇමති දයාසිරිගේ අනාවරණය (VIDEO)

February 14, 2021 at 10:39 PM

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බය පුපුරුවා ගනු ලැබුවේ සහරාන් වුවත් එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔහුව මෙහෙයවනු ලැබුවේ කවුද යන්න හෙළි කර ගත යුතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

උත්සවයක් අතර වාරයේදී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.

” පාස්කු ප්‍රහාරය එල්ල කලේ සහරාන් වුවත් එහි පසු පස ඔහුව මෙහෙයවූවේ කව්ද කියන එක අපි හොයා ගන්න ඕන. කාදිනල් හිමිපාණන් කියනවා වගේ පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයපු ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඒ කරුණු සඳහන් නැතුව වෙන වෙන පුද්ගලයින්ව වරදකරුවන් බවට චෝදනා කරලා තියෙනවා කියලා ආරංචි වෙනවා.

බලයේ හිටපු ජනාධිපතිව මරන්න වගේම ජනාධිපති වෙන්න හිටපු කෙනාව මරන්නත් කවුරුන් හෝ උත්සහ කළා කියලා ඒ දවස්වල නාමල් කුමාර කියපු කතාව හැමෝටම මතක ඇති නේද?

ඉතින් එහෙම දෙයක් කරන්න කාටද අවශ්‍යතාවය තිබුනේ කියන එක හොයලා බලන්න ඕන. මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස මෙහෙයවීම සිදුකලේ කවුද ? කාටද එතකොට ජනාධිපති වෙන්න උවමනාව තිබ්බේ කියන එක සොයා බලන්න ඕන” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.