ආර්නෝල්ඩ් කුලේ ඇතුළු නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට

February 14, 2021 at 9:01 PM

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ්, නුව කුලසේකර, ධම්මික ප්‍රසාද් යළි ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.

ඒ, මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීයි.

මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරුණා. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව මෙම තරගාවලියේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ සියලූ තරග ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය මාර්තු මස 02 වෙනිදා පැවැත්වීමට නියමිතය.

සංචාරක සීමා හේතුවෙන් මෙවර තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී නොවන අතර එංගලන්තය සහ බංග්ලාදේශය නව කණ්ඩායම් වශයෙන් තරගාවලියට එක්වීමට නියමිතව ඇත.