අපි‍්‍රකානු රටවල සිට පැමිණි තිදෙනෙකුට මැලේරියාව : විදේශ ගතව සිට එන පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් සිහි කැඳවීමක්

February 13, 2021 at 8:47 AM

මෙරටින් මැලේරියා රෝගීන් තිදෙනකු සොයාගෙන ඇත. අපි‍්‍රකානු රටවල සිට පැමිණි තිදෙනකු පසුගිය සතියේදී මැලේරියා රෝගීන් බවට තහවුරු කර ගත් බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රසාද් රණවීර ප්‍රකාශ කර සිටිනවා.

ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි බවත් එහිදී කළ රුධිර පටල පරීක්‍ෂාවේදී මැලේරියා රෝගීන් බවට තහවුරු නොවූ බවයි වෛද්‍ය ප්‍රසාද් රණවිර ප්‍රකාශ කර සිටියේ. නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යෑමෙන් අනතුරුව කළ රුධිර පටල පරීක්‍ෂාවේදී මැලේරියා රෝගීන් බව හඳුනාගෙන ඇත.
මොවුන් බියගම, හොරණ සහ බේරුවල ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වේ.

මිනිස් සිරුරේ අක්මාව තුළ මැලේරියා පරපෝෂිතයා වසරක් යනතුරු ජීවත් වන බව කී වෛද්‍ය ප‍්‍රසාද් රණවීර මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම පළමු රුධිර පටල පරීක්ෂාවෙන් පසුව මාස 03 වරක් මාස 06ට වරක් සහ වසරකට වරක් රුධිර පටල පරීක්‍ෂාවක් කරගතයුතු බවද ප්‍රකාශ කර සිටියේ.

මැලේරියා රෝගය යළි රට තුළ පැතිරයෑම වැළැක්වීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් නොමිලේ සේවාවන් ලබාදීමට මැලේරියා මර්දන ව්‍යාපාරය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සුදානම් බව අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.

(මුලාශ්‍ර : දිවයින පුවත්පත)