අගමැතිතුමා කනට කර කියූ රහස මොකක්ද? මාධ්‍යවේදීන් ඇමති විමල් ගෙන් අසයි (PHOTOS)

February 13, 2021 at 7:53 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව පසුගිය දෙසැම්බර් 15 වනදා ජනගත කළ Made in Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සදහන් දේශීය ව්‍යවසායකයාගේ නිෂ්පාදන අලෙවි කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන තොග මිලදී ගන්නන් වෙත හදුන්වාදීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ”මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka – Trade Fair 2021) ” අද (13) උදෑසන කොළඹ පදනම් මාවතේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම Made in Sri Lanka ව්‍යාපෘතියේ ඇති වැදගත්කම සහ ඉදිරි පියවර පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සභාව අමතා සුවිශේෂි පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා.

ආහාර පාන, අත්කම් භාණ්ඩ, නිමි ඇදුම්, පාවහන්, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසකින් සමන්විත වෙළද කුටි සියයකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතව Made in Sri Lanka – Trade Fair 2021 අද (13) සහ හෙට (14) දෙදින පුරා ශ්‍රී ලංකා පදනම් මාවතේදී පැවැත්වේ. මෙහිදී විශේෂ මිලගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ද පාරිභෝගිකයන් වෙත සලසා ඇත.

ඉදිරියේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වෙළද ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශනය ආරම්භවීමත් සමග ජනතාව දැඩි උනන්දුවකින් වෙළද ප්‍රදර්ශනය නැරඹීමට සහ භාණ්ඩ මිලදී ගැනීමට එක්ව සිටියහ.

මේ අතර උත්සවය අතර වාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය විමල් විරවංශ සිය සමීපයට කැඳවා කුමක් හෝ පවසන අයුරු දක්නට ලැබුණා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විරවංශ ඇමතිවරයාගෙන් විමසා සිටියා.

මාධ්‍යවේදීන් : ඇමතිතුමා, අගමැතිතුමා එක්ක තිබ්බ තරහ ඉවරයිද?

විමල් විරවංශ ඇමතිවරයා : අගමැතිතුමා එක්ක කිසිම තරහක් තිබ්බේ නැහැ නේ.

මාධ්‍යවේදීන් : අගමැතිතුමා කනට ලංකරලා මොනවද කිව්වේ ?

විමල් විරවංශ ඇමැතිවරයා : සිනහවෙමින්… අගමැතිතුමා මට කිව්ව දේ මම කොහොමද ඔයාලට ඒක කියන්නේ..

May be an image of 3 people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 4 people, people standing and people sitting

May be an image of one or more people, people standing and people sitting

 

May be an image of 2 people, people standing and people sitting

 

May be an image of one or more people and people standing

 

May be an image of 1 person and standing

 

May be an image of 1 person, standing and outdoors